vijayakanth-ipl-sri-lanka

2024 IPL තරඟාවලියේ Sunrisers Hyderabad (SRH) සහ Lucknow Super Giants (LSG) අතර ඊයේ පැවති තරඟයේදී සන්රයිසස් කණ්ඩායම නියෝජනය කිරීමට යාපනයේ යොවුන් ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් ට හැකි විය.

IPL තරඟාවලියේදී හසරාන් මෙම වාරයේ සිට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

මෙම තත්ත්වය තුළ එම රික්තය සඳහා ආදේශක ක්‍රීඩකයෙකු ලෙස සන්රයිසස් කණ්ඩායමට ව්‍යාස්කාන්ත් බඳවාගෙන තිබේ.

ඊයේ පැවති තරඟයේ කාසියේ වාසිය දිනූ ලක්නව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ලක්නව් සුපර්ජයන්ට්ස් පිලට පහසුවෙන්ම ලකුණු 200ක් ලබාගත යුතු විට ඕවර 20කදී කඩුලු 4ක් දැවී රැස්කරගත්තේ ලකුණු 165ක් පමණි.

ඒ තරමටම සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ පන්දු යැවීම පුදුම සහගත විය. එම කණ්ඩායමේ ශ්‍රී ලංකා දෙමළ ජාතික විජයකාන්ත් ව්‍යාස්කාන්ත් හොඳින් පන්දු යැව්වා. ඔහු ඕවර 4කදී ලබා දුන්නේ ලකුණු 27ක් පමණි. කඩුල්ලක් නොදැවී තිබියදීත් අඩු ලකුණු ලබා දුන් ඔහු ලක්නව් කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළේය. ඔහුගේ පන්දු යැවීමේ අවසන් ඕවරවල එල්ල වූයේ හතරේ පහර 3ක් පමණි.
 තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස T20 තරඟවලට ක්‍රීඩා කරන ඔහුට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණේ එක් ජාත්‍යන්තර T20 තරගයකට පමණයි. ඊට අමතරව ඔහු ලොව පුරා විස්සයි20 ලීග් තරගාවලිවලට ක්‍රීඩා කරයි. ඔහු මුම්බායි එමිරේට්ස් වෙනුවෙන් ජාත්‍යන්තර ලීග් T20, චැටෝග්‍රෑම් සඳහා බංග්ලාදේශ ප්‍රිමියර් ලීගය සහ යාපනය කිංග්ස් වෙනුවෙන් ලංකා ප්‍රිමියර් ලීගය සඳහා ක්‍රීඩා කර ඇත.