nazeer-ahamed-lakshman-yapa


ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ දක්වා ඔහු වයඹ ආණ්ඩුකාර ලෙස කටයුතු කලේය.



වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස  නසීර් අහමඩ් මහතාද දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා පසුගිය අප්‍රේල් මස ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබූ අතර වයඹ ආණ්ඩුකාර ලෙස කටයුතු කරමින් සිටි ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා එම ධූරයට ඒ අනුව පැමිණියේය.