cbk-slfp

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද (06) සවස පැමිණ තිබෙයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගේ පාර්ශවයේ මැති ඇමතිවරු රැසක් ද පැමිණ තිබු අතර එම පිරිස අතර අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ද එක්ව සිට තිබේ.

එහිදී හිටපු ජනාධිපතිවරිය පක්ෂයේ ජේෂ්ඨයින් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව මුලස්ථානයෙන් පිටව යාමේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියාය.

තවද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසා සිටියේ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණියේ වසර පහකට පමණ පසුව බවයි.

“වසර පහකට පස්සේ මම නිදහස් පක්ෂය කාර්යාලයට ආවා. පක්ෂයේ හිටියත් පක්ෂයේ කාර්යාලයට ආවේ වසර පහකින්. සිරිසේන මාව එලෙව්වට පස්සේ අපි ආවේ බලයට නෙවෙයි. අපි ආවේ රට හදන වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න. ඒක හදල තියෙන්නෙ ඉදිරියේ දී ඉදිරිපත් කරනවා.”