American-visas-for-25-Sri-Lanka-T20-players

ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යට යන ශ්‍රී ලංකා විස්සයි20 අව­සන් සංචි­තය තව­මත් තෝරා නැති හෙයින් ක්‍රීඩ­ක­යන් 25කට වීසා ලබා ගැනී­මට ක්‍රිකට් කළ­ම­නා­කා­රී­ත්වය කට­යුතු යොදා ඇත. අව­සන් සංචි­තයේ සිටින ක්‍රීඩ­ක­යින් 15 අ‍ෙම­රි­කාවේ දේශ­ගු­ණය හා තණ­ති­ලි­වල ස්වභා­වය කල්ඇ­තිව අධ්‍ය­ය­නය කිරීම වෙනු­වෙන් ලබන 13 වැනිදා නිව්යෝර්ක් බලා පිටත්වේ.

ශ්‍රී ලංකා විස්සයි20 අව­සන් සංචි­ත­යට එක්වීමේ අපේ­ක්ෂා­වෙන් සිටින නායක වනිඳු හස­රංග, චරිත් අස­ලංක, කුසල් මෙන්ඩිස්, අකිල ධනං­ජය, භානුක රාජ­පක්ෂ, ජෙෆ්රි වැන්ඩසේ, නුවන් තුෂාර, මහීෂ් තීක්ෂණ, දසුන් ශානක, ධනං­ජය ද සිල්වා, කමිදු මෙන්ඩිස්, චාමික කරු­ණා­රත්න, දුෂ්මන්ත චමීර, කුසල් පෙරේරා, නිරෝ­ෂන් දික්වැල්ල, විජ­ය­කාන්ත් වියෙ­ස්කාන්ත්, චරිත් අස­ලංක, බිනුර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධු­සංඛ, පැතුම් නිශ්ශංක, මතීෂ පති­රණ, සදීර සම­ර­වි­ක්‍රම, ප්‍රමෝද් මධු­ෂාන්, ඇන්ජලෝ මැතිව්ස් යන ක්‍රීඩ­ක­යින්ට අමෙ­රි­කාව බලා පිටත්ව යෑමේ අව­ස­රය හිමිව තිබේ. ශ්‍රී ලංකා පිල අමෙ­රි­කාවේ ජාත්‍ය­න්තර ක්‍රිකට් තර­ගා­ව­ලි­ය­කට සහ­භාගී වන පළමු අව­ස්ථාව මෙය­වීම විශේ­ෂ­ත්ව­යකි.



ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යට යන ශ්‍රී ලංකා විස්සයි20 අව­සන් සංචි­තය තෝරා ගැනීම උදෙසා ක්‍රීඩ­ක­යන් 32ක් අතරේ පුහුණු තරග 6ක් පැවැ­ත්වී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමි­ටුව කට­යුතු යොදා ඇති අතර දැනට එම තරග 3ක් නිමා­වට පත්ව තිබේ. කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණයේ පැවැ­ත්වෙන මේ පුහුණු තරග මැයි මස 11 වැනිදා නිමා­වට පත්වී­මට නිය­මි­තය.

එම පුහුණු තරග හයේදී දක්වන දක්ෂතා සැල­කි­ල්ලට ගෙන ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යට යන ශ්‍රී ලංකා විස්සයි20 අව­සන් සංචි­තයේ ක්‍රීඩ­ක­යන් 15 ප්‍රකා­ශ­යට පත් කිරී­මට නිය­මි­තය. විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ ශ්‍රී ලංකාව සහ­භා­ගි­වන පළමු තර­ගය ජූනි මස 3 වැනිදා දකුණු අප්‍රි­කාව සමඟ නිව්යෝර්ක් හි නස්සාවූ කවුන්ටි ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ. අන­තු­රුව ශ්‍රී ලංකාව හා බංග්ලා­දේ­ශය අතර තර­ගය ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රාර­යිරේ ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ ජූනි මස 8 වැනිදා පැවැ­ත්වී­මට නිය­මි­තය.

(ප්‍රින්ස් ගුණ­සේ­කර)