lakshman-yapa-senthil

වයඹ ඇතුළු දිවයිනේ පළාත් කීපයක ආණ්ඩුකාර තනතුරු වෙනස් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.ඒ අනුව වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරිමට සැලසුම් කර ඇතැයි දැන ගන්නට ඇත.





රජය නියෝජනය කරන දකුණේ දේශපාලනඥයන් වන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක  යන මහත්වරුන්ගේ ඉල්ලීමකට අනුව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දකුණේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. එසේ වුවහොත් දකුණේ ආණ්ඩුකාරවරයා ලෙස දිගු කලක් කටයුතු කරමින් සිටින විලී ගමගේ මහතා එම තනතුරෙන් විශ්‍රාම ලැබීමට නියමිත බව ද පැවැසේ.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගෙන් හිස් වන වයඹ පළාත් ආණ්ඩුකාර තනතුර සඳහා නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමැති නසීර් අහමඩ් මහතාගේ නම මෙන්ම මෑතක දී හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ දේශපාලනඥයකුගේ බිරිඳගේ නම ද පවතින බව වාර්තා වේ.ඉදිරි සති කීපය තුළ මෙම තනතුරු වෙනස් වීමට ඉඩ ඇති බව ද වාර්තා වේ.
 පුෂ්පකුමාර ජයරත්න