
දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා මහින්ද අමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙයි.
කොළඹ දිසා අධිකරණය විසින් අද (01) මෙම නියෝගය ලබා දී තිබෙයි.
පසුගියදා පැවති රැස්වීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න හා ජේෂ්ඨ උප සභාපති ධුරයෙන් මහින්ද අමරවීර ඉවත් කරන බවයි.
කෙසේනමුත් අධිකරණය විසින් අද ලබාදුන් නියෝගය අනුව මෙලෙස ඉවත් කළ සියලු දෙනා නැවත වතාවක් එම තනතුරුවල කටයුතු කරනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval