namal-pohottu

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ලෙස පත් කරනු ලැබ සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීට පෙර ජාතික සංවිධායක ලෙස බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කළේය.නව පත් කිරීමත් සමග නාමල් රාජපක්‍ෂ මහතාට ඉදිරි මැතිවරණ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සංවිධාන කටයුතු වල වගකීම බාර වන බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.