A-crocodile-that-was-being-raised-in-a-house-in-New-York-is-captured

ඇමරිකා එක්සත් ජනපදයේ  නිව් යෝර්ක් හැම්බර්ග් හි නිවසක මිනිසෙකුගේ ප්‍රමාණය මෙන් දෙගුණයක් විශාල කිඹුලෙකු නීතිවිරෝධී ලෙස තබාගෙන සිටියදී  හසුවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



  බලධාරීන් සොයාගෙන ඇති කරුනු අනුව "1990 ගණන්වල සිට" කිඹුලා මෙම නිවසේ වාසය කර ඇතැයි කියැවේ.30 හැවිරිදි කිබුලා  සඳහා පිහිනුම් තටාකයක් ද තිබී ඇත.

340kg, 3.4m/ft 11ft-දිග ඇල්බට් නැමති මෙම කිඹුලා  හැම්බර්ග් හි නිවසකින් පරිසර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පරිසර සංරක්ෂණ රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, ඇස් දෙකම අන්ධ සහ කොඳු ඇට පෙළේ සංකූලතා ඇති මෙම කිබුලා සමඟ ළමයින් ඇතුළු පුද්ගලයින්ට ජලයට බැසීමට නිවාස හිමියා ඉඩ දී ඇත.

සතා ළඟ තබා ගැනීම සඳහා හිමිකරුට හිමිව තිබු  බලපත්‍රය 2021 දී කල් ඉකුත් වී ඇත,එනම්  එයින් අදහස් වන්නේ

ඔහු  නීති විරෝධී ලෙස කිඹුලා තබා ගෙන සිටි  බවය.
  කිබුලාගේ අයිතිකරු වූ  ටෝනි කැවාලාරෝ පවසා ඇත්තේ  ඇල්බට් 1990 ගණන්වල සිට තමා සමග සිටි බවත්, ඌ නැවත ලබාගැනීම  සඳහා තමා සටන් කරන බවත් ය.

එසේම අවසන් වශයෙන්  ටෝනි කැවාලාරෝ පවසා ඇත්තේ ඔහු  කිඹුලාට සැලකුවේ ඔහුගේ ළමයෙකුට මෙන් බවත් කිසි විටෙකත් කිඹුලා  කිසිවෙකුට  අනතුරක් නොකළ  බවත් ය.