Getting87-34Vladimir-Putin-is-ready-to-take-the-chair-of-Russian-President-for-the-fifth-time

දින තුනක (මාර්තු 15 සිට 17 දක්වා) ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව, රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසමේ දත්ත වලට අනුව, ඡන්ද 98% ක් ගණන් කිරීමෙන් පසු 87.34% ක් ලබා ගනිමින් ව්ලැඩිමීර් පුටින් රුසියානු ජනාධිපතිවරණයේ පෙරමුණ ගෙන සිටී. 1999  සිට බලයේ සිටින පුටින්ට රුසියාවට නායකත්වය පස්වන වතාවට තවත් වසර හයක ධුර කාලයක් (2024-2030)
ලැබෙන අතර එය ලෝක දේශපාලනයට විශේෂ බලපෑමක් ඇති කරනු ඇත.

කිසිදු ක්‍රියාකාරී විරුද්ධ අපේක්ෂකයෙකු සාපේක්ෂ වශයෙන් නොපැමිණීම හේතුවෙන් පුටින්ගේ ජය ස්ථිරය.


 අනෙක් අපේක්ෂක තිදෙනා ඉතා දුර්වල ලකුණු ලබා ගත්හ. දෙවැන්නා කොමියුනිස්ට් පක්ෂයේ නිකොලායි කරිටොනොව් 4.3% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති අතර ඩූමා නියෝජ්‍ය කථානායක, නිව් පීපල්ස් පක්ෂයේ සාමාජික ව්ලැඩිස්ලාව් ඩවන්කොව් 3.8% ක් සමඟ තුන්වන ස්ථානයේ වෙයි. රුසියාවේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ලියොනිඩ් ස්ලට්ස්කි 3.17% ඡන්ද ලබාගනිමින් සිව්වැනියායි.‍
ඔවුන් සියලු දෙනා මූලික මැතිවරණ ප්‍රතිඵලවලට එකඟ වී ඇත. රුසියානු සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයේ (CPRF) නීති සේවා ප්‍රධානී Georgy Kamenev පැවසුවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියේදී පක්ෂය සැලකිය යුතු අක්‍රමිකතා හෝ උල්ලංඝනයන් දැක නැති බවත්, "මැතිවරණයේ නීත්‍යානුකූල නොවන බව පෙන්වා දෙන ප්‍රශ්න කිසිවක් නොමැති" බවත්ය.

මෙම මැතිවරණයේ වැදගත්කම වන්නේ පුටින් මෙම වසර හයක ධුර කාලය සම්පූර්ණ කළහොත්,

18 වැනි සියවසේ මහා කැතරින්ගේ සිට රුසියානු නායකයෙකුට වඩා වැඩි කාලයක් ඔහු බලයේ රැඳී සිටීමයි.

පළමු ජනාධිපති බොරිස් යෙල්ට්සින් ඔහුට දේශපාලන බලය පැවරීමෙන් පසු වසර 24 ක් බලයේ සිටින පුටින් රුසියානු සමාජය පහසුවෙන් පිළිගත්තේය. ඔහු නිහතමානී පවුලක සිට KGB දක්වාත්, අවසානයේ 2000 දී ජනාධිපති ධුරය දක්වාත් ඔහුගේ ගමන ආරම්භ කළේය. ඔහුගේ බලයට නැඟීම, රුසියාව ආර්ථිකයේ සහ සමාජ ජීවිතයේ අනෙකුත් අංශවල සැලකිය යුතු දියුණුවක් ඇති කළ අතර නවීන සමාජයක් බවට පරිවර්තනය වී තිබේ.

කෙසේ වෙතත් බටහිර ආකල්පය මීට වෙනස්ය. පුටින් නිසා ලෝක යුද්ධයක් මතුවිය හැකි බවට අනතුරු අඟවා තිබේ. යුක්රේනය සමග අනවශ්‍ය යුද්ධයක පැටලී අහිංසක ජීවිත වලට ඔහු තර්ජනයක් ඇති කළාසේම ලෝක ආර්ථිකයටද අහිතකර පරිසරයක් නිර්මාණය කළ බවට විවේචන පවතී.