
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුවිශේෂි තනතුරු කිහිපයකින් දේශපාලනඥයින් කිහිපදෙනෙකු ඉවත් කර තිබේ.
ඒ අනුව ජාතික සංවිධායක ධූරයෙන් දුමින්ද දිසානායක මහතාව, භාණ්ඩාගාරික ධුරයෙන් ලසන්ත අලගියවන්න මහතා සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර යන මහත්වරුන්ව වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරු වලින් ඉවත් කර තිබේ.
ඩාලි පාර පක්ෂ මූලස්ථානයේදී අද පක්ෂ විධායක සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් සමග රැස් වූ අවස්ථාවේ මෙම තීරණ ගෙන ඇති බව වාර්තා වෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval