
පසුගියදා එක්සත් ජනරජ පෙරමුණ විසින් 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' නමින් ජනගත කරනු ලැබූ පොදු අවම වැඩපිළිවල අද (24) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය වෙත පිළිගැන්වීම ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අතින් සිදුවිය.
එහිදී මෙම මනුෂ්‍යත්වයේ සන්ධානය තුළින් රට ගොඩ නැගීම සඳහා ලබාදෙනු ලබන දායකත්වය පිළිබඳව සාකච්ජාවක් ජනාධිපතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ නායකයන් හා පාඨලී චම්පික රණවක මහතා ඇතුළු ජනරජ පෙරමුණේ නායකයන් අතර සිදුවිය.
මේ අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙබණ්ඩාර මහතා, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන හා එක්සත් ජනරජ පක්ෂය වෙනුවෙන් දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් වන නීතිඥ ශිරාල් ලක්තිලක හා නිශාන්ත ශ්‍රී වර්ණසිංහ , තරුණ අංශයේ සභාපති තීක්ෂණ ගම්මන්පිල යන මහත්වරුන් සම්බන්ධ විය.


Comments
Post a Comment
Your comment will be visible after approval