
ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක පැතුම් නිශ්ශංක එළඹෙන බංග්ලාදේශ තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීම තවමත් අවිනිශ්චිත වී ඇත. ඒ ඔහුගේ ආබාධය තවමත් සියයට සියයක්ම සුව අතට හැරී නොමැතිවීම හේතුවෙනි. පැතුම් පසුගියදා (21දා) ඇෆ්ගනිස්තානය සමග පැවති තෙවැනි හා අවසන් විස්සයි20 තරගයේ පිතිකරණය අතරතුරදී කලවයේ ආබාධයකට ලක්වීමෙන් පිටියෙන් ඉවත්විය.
කෙසේ වෙතත් හෙට (27දා) ආරම්භ වන බංග්ලාදේශ තරගාවලිය සඳහා පුහුණුවීම්වලට පැතුම් එක්වන බවත් ඔහුගේ ආබාධ තත්ත්වය පිළිබඳ සියයට සියයක්ම තොරතුරු මේ වන තෙක් කිව නොහැකි බවත් කණ්ඩායමේ ප්‍රකාශකයෙක් පැවසීය.
නිමාවූ ඇෆ්ගනිස්තාන සංචාරයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින හා විස්සයි20 තරගාවලි ද්විත්වයේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ පැතුම් එක්දින තරගාවලියේදී ද්විත්ව ශතකයක් හා ශතකයක් වාර්තා කළේය. ඊට අමතරව විස්සයි20 තරගාවලියේදීද ඔහු අරිධ ශතකයක් රැස් කරමින් ලකුණු අතරට පිවිසියේය. මේ අතර ඇෆ්ගනිස්තාන තරගාවලිය අතරතුරදී ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර බොහෝ විට බංග්ලාදේශ තරගාවලිය ක්‍රීඩා නොකරනු ඇති බව වාර්තා වේ.
විස්සයි20 තරග තුනක්, එක්දින තරග 3 ක් හා ටෙස්ට් තරඟ දෙකකින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය එළඹෙන මාර්තු 04 වැනිදා ආරම්භ වේ.
ඕෂිත වරකපිටිය
Comments
Post a Comment
Your comment will be visible after approval