more-350-arrested-russia-paying-tribute-navalny-rights-group-says

රුසියාවේ විපක්ෂ නායක හා ඉදිරි ජනපති අපෙක්ෂක වීමට සිටි ඇලෙක්සෙයි නවාල්නි පසුගියදා හදිසියේ අභාවප්‍රාප්ත විය.  මෙම මරණයට පුටින් වගකිව යුතු බවට මේ වනවිට ලොව පුරා අදහස් පැතිර පවතී. මියගිය නවාල්නිට උපහාර දැක්වීම සඳහා පැමිණි රුසියාව පුරා ජීවත් වූ සිය ගණනක් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 150 කට වැඩි පිරිසකට සති දෙකක සිර දඬුවම් නියම වී ඇති බව මානව හිමිකම් සංවිධානයක් පවසයි.

සිකුරාදා දිනයේ දී සිදු වූ  ව්ලැඩිමීර් පුටින් විවේචනය කළ විපක්ෂ නායකයා වූ නවාල්නිගේ මරණය,  දේශපාලන මර්දනයට ගොදුරු වූවන් සඳහා වූ උදඝෝෂණ සඳහා හේතුවක් බවට පත් විය.



ඉරිදා සවස් වන විට පොලිසිය විසින් නගර 39ක පුද්ගලයන් 366ක් රඳවාගෙන ඇති බව OVD-Info හි අයිතිවාසිකම් කණ්ඩායම පැවසීය.

රුසියාවේ දෙවන විශාලතම නගරය වන ශාන්ත පීටර්ස්බර්ග්හිදී සිදු වූ අත්අඩංගුවට ගැනීම් 200කට අධික බව එම සංවිධානය පවසයි. ඉරිදා සවස් වන විට, ශාන්ත පීටර්ස්බර්ග්හි උසාවි නිලධාරීන් විසින් රඳවාගෙන සිටි අයගෙන් 154 දෙනෙකුට , දින 1 සිට දින 14 දක්වා වූ සිරගත කිරීමේ නියෝග නිකුත් කරන ලදී.  පුද්ගලයන් විරෝධතා විරෝධී නීති උල්ලංඝනය කළ බව උසාවිය පවසා ඇත.

එහි රඳවා සිටි අය අතර, නවාල්නි වෙනුවෙන් අනුස්මරණ සේවාවක් පැවැත්වීමට සමාජ මාධ්‍යවල සැලසුම් ප්‍රකාශ කළ,  ස්වාධීන ආගමික කණ්ඩායමක් වන අපොස්තලික ඕතඩොක්ස් පල්ලියේ පූජකයෙකු වන ග්‍රිගරි මික්නොව්-වොයිටෙන්කෝ ද සිටින බව වාර්ථා වෙයි.  ඔහු සෙනසුරාදා උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.  

රැලියක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාමත මෙම පූජකවරයා අත්අඩංගුවට ගෙන තිබූ අතර,  පොලිස් රැඳවුම් කුටියේ සිටියදී ඇති වූ  ආඝාතයක් හේතුවෙන් රෝහල් ගත කළ බව OVD-Info වාර්තා කළේය.



නවාල්නි මීට පෙර රාජ්‍ය විරෝධී පෙළපාලි සංවිධානය කළ අතර , රුසියාවේ දූෂණයට එරෙහි ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් පෙනී සිටීම සඳහා ඔහු  නිලවරණයට සම්බන්ධ විය.  ඔහු 2020 දී සැකකටයුතු Novichok ස්නායු කාරකයකින් විෂ ශරීරගත වූ වීම නිසා රෝගාතුර වූ අතර, එය නවාල්නි මහතා ඝාතනය කිරීමේ තැතක් බව හෙළි විය.

නවල්නිගේ සිරුර පරීක්ෂා කිරීමෙන් පසු , ඔහු මිය ගොස් ඇත්තේ 'හදිසි මරණ සින්ඩ්‍රෝමය' හේතුවෙන් බව රුසියාව ප්‍රකාශ කර ඇත.

ජර්මනියේ වෛද්‍යවරුන් නවල්නි මහතා ජීවත් කරවීමට සටන් කර ඇති අතර,  ඔහු සති කිහිපයක් කෝමා තත්වයේ සිට ඇති බව වාර්ථා වෙයි . නවල්නි ගේ මරණය සම්බන්ධයෙන්  පුටින් වගකිව යුතු බවට බොහෝදෙනා චෝදනා කරයි.

2021 දී නවාල්නි ජර්මනියේ සිට නැවත රුසියාවට පැමිනෙන අවස්ථාවේ දී රුසියානු බලධාරීන් ඔහුව අත්අඩංගුවට ගත් අතර ,

පසුව අන්තවාදී චෝදනා මත ඔහුට සිර දඬුවම් නියම කළේය. නවාල්නි පවසා ඇත්තේ මෙම චෝදනා සියල්ල දේශපාලනික පළි ගැනීම් වන බවයි.

නවාල්නි සිකුරාදා උතුරු රුසියානු යටත් විජිතයක දී මිය ගිය බව බන්ධනාගාර නිලධාරීන් විසින් වාර්තා කර ඇත.  

නවාල්නිගේ බිරිඳ වන යුලියා නවාල්නායා පුටින්ට දොස් පවරමින් සඳුදා පැවසුවේ,  නොවිචොක් විසින් නවාල්නිට නැවත වස දුන් බවත්,  ඒවායේ හෝඩුවාවන් අතුරුදහන් වන තුරු නිලධාරීන් ඔහුගේ දේහය තබාගෙන  සිටින්නට ඇති බවත්ය.