
එක්සත් ජනපද රේගු සහ දේශසීමා ආරක්ෂණ සුනඛයෙකු විසින් , අප්‍රිකාවේ සිට ආපසු එන සංචාරකයෙකුගේ ගමන් මලුවල තිබී අසාමාන්‍ය දෙයක් සොයා ගන්නා ලදී. මෙසේ සොයා ගන්නා ලද්දේ , මමීකෘත වඳුරන් කිහිප දෙනෙකි. කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සංචාරයකට ගොස් ආපසු එමින් සිටි මෙම මගියා විසින් තම ගමන් මලුවල කරවල තිබූ බව වාර්තා කර ඇති නමුත් , බොස්ටන් ලෝගන් ගුවන් තොටුපළේදී කළ පරීක්ෂාවකදී වඳුරන් හතර දෙනෙකුගේ මළ සිරුරු සහ විජලනය වූ සිරුරු සොයා ගැනීමට හැකි වූ බව ගුවන් තොටුපළ නියෝජිතයෝ පැවසූහ.
පසුව මෙම සංචාරකයා පවසා ඇත්තේ තමාගේ පරිභෝජනය සඳහා වඳුරන් එක්සත් ජනපදයට ගෙන ආ බවයි.
"බුෂ්මීට්" ලෙස හදුන්වන මෙම වන සතුන්ගේ අමු හෝ සැකසූ මස් ආහාරයට ගැනීම එක්සත් ජනපදය තුළ තහනම් කර ඇත්තේ, රෝග තර්ජන නිසාය.
“බුෂ්මීට් එක්සත් ජනපදයට ගෙන ඒමෙන් ඇති විය හැකි අන්තරායන් බොහෝ ය. දැඩි අන්තරායකර තත්වය වන්නේ බුෂ්මීට් වලට ඉබෝලා වෛරසය ඇතුළු රෝග ඇති කළ හැකි විෂබීජ රැගෙන යා හැකි වීමයි.
මෙම සිද්ධිය පසුගිය මාසයේ සිදු වූ නමුත් ප්‍රසිද්ධියට පත් වූයේ සිකුරාදා දිනයේ දීය.
කිසිදු චෝදනාවක් ගොනු නොකළ නමුත් සියලුම ගමන් මලු අත්අඩංගුවට ගත් බවත් බුෂ්මීට් රාත්තල් 9 (කිලෝග්‍රෑම් 4) කට ආසන්න ප්‍රමාණයක් එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් විනාශ කිරීම සඳහා රැගෙන ගිය බවත් ඉරිදා වාර්ථා කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval