
ලොව විශාලතම ගුවන් සේවය ලෙස සැලකෙන ඇමරිකන් එයාර්ලයින්ස් තම දිගම නොනවතින ගුවන් ගමන බ්‍රිස්බේන් වෙත දියත් කර ඇත.
එහි වැයවන කාලය නිල වශයෙන් ප්‍රකාශ කර නැතත් සාමාන්‍යයෙන් පැය 15ක් පමණ ගත වන බව නිලධාරීන්ගේ මතයයි.
ඒ අනුව ඔක්තෝබර් 27 සිට ඇමරිකන් එයාර්ලයින්ස් සමඟ ක්වීන්ස්ලන්ත අගනුවර සහ ටෙක්සාස් හි ඩලස්-ෆෝර්ට් වර්ත් අතර සෘජුව පියාසර කිරීමට සංචාරකයින්ට හැකියාව ලැබෙනු ඇත.
ඇමරිකන් එයාර්ලයින්ස් පැවසුවේ, දැනට අවම වශයෙන් මේ සදහා නැවතුම් දෙකක් අවශ්‍ය වන බවයි.
ඇත්ත වශයෙන්ම, ගුවන් සේවයේ විශාලතම කේන්ද්‍රස්ථානය වන ඩලාස්-ෆෝර්ට් වර්ත් සිට තවත් බොහෝ ගමනාන්ත වෙත සම්බන්ධ වීමට නව මාර්ගය භාවිතා කිරීමට ඕස්ට්‍රේලියානුවන්ට හැකි වනු ඇත.
එසේම Boeing 787-9 ගුවන් යානය එක්සත් ජනපද ශීත ඍතුව සඳහා "සෘතුමය" දෛනික සේවාවක් පවත්වාගෙන යමින් ඇත.
ඕනෑම අයෙක්ට බ්‍රිස්බේන් මගින් ගමනාන්ත 52කට යා හැකි බවත් ,ඉදිරි මාසවලදී මෙවැනි තවත් ගුවන් සේවා නිවේදන කිරීමට අවස්ථාව ඇති බවත් පවසා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval