
නිරිතදිග වේල්සයේ සුපිරි වෙළඳසලක රථ ගාලක දමා ගොස් සිටියදී සති 11 ක් වයසැති කකුල් 6 ක් තිබෙන කොකර් ස්පැනියල් වර්ගයේ බලු පැටවකුට නව ජීවයක් දීමට රථගාල අසලින් ගිය පුද්ගලයකු කටයුතු කර ඇත.
එම පුද්ගලයා බලු පැටියා සත්ව සායනයක් වෙත රැගෙන ගොස් ඇති අතර එහි කාර්ය මණ්ඩලය බලු පැටියාට ඒරියල් යන නම ලබාදී තිබිණ.
ඒරියල් යනු ඩිස්නි ලිට්ල් මර්මේඞ් කාටුන් චිත්‍රපටයේ සිටින චරිතයකි.සත්ව සායනයේ කාර්ය මණ්ඩලය ඒරියල්ට වෛද්‍ය පරික්ෂණ කීපයක් කර තිබේ.එම පරීක්ෂණවල ප්‍රතිපල මත ඒරියල්ගේ වැඩිපුර පාද දෙක ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval