
ඉන්දීය නිළි රශ්මිකා මන්දනාගේ සිරුරේ ප්‍රමාණය ඇති වෙනත් කාන්තාවක උඩුකය නිරාවරණය වන ලෙස ලබාගත් වීඩියෝවකට රශ්මිකාගේ මුහුණ බද්ධ කරතැනූ (ඩීප් ෆේක් තාක්ෂණය) වීඩියෝවක් පසුගිය කාලයේ ආන්දෝලනයක් ඇති කළේය. ඇය පොලිසියට ඒ ගැන පැමිණිලි කර තිබූ අතර වගකිව යුතු පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට මාස කිහිපයකට පසු හැකි විය.
සිය සමාජ මාධ්‍ය ගිණුමේ මෙම අත්අඩංගුවට ගැනීම ගැන රශ්මිකා සිය ප්‍රසාදය පළ කර ඇත.
අදාළ පුද්ගලයා මේ වන විට දිල්ලි පොලිසිය උසාවියට ඉද්රිපත්කිරීමට නියමිතය.
“මගේ හෘදයාංගම කෘතඥතාව ප්‍රකාශ කරමි. වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීම ගැන ස්තුතියි. මාව ආදරයෙන්, සහයෝගයෙන් වැළඳ ගන්නා ප්‍රජාවට සැබවින්ම කෘතඥ වෙනවා. ගැහැණු ළමයින් සහ පිරිමි ළමයින් ඔබේ අනුරුව ඔබේ කැමැත්තෙන් තොරව ඕනෑම තැනක භාවිතා කර ඇත්නම් හෝ රූපකරණය කර ඇත්නම් එය වැරදියි.“ ලෙස ඇය තම ගිණුමේ සදහන් කර සිටියාය.
ආලියා භාත්, කත්‍රිනා කයිෆ්, ප්‍රියංකා චොප්රා සහ සචින් ටෙන්ඩුල්කාර් ඇතුළු තවත් අයගේ ඩීප් ෆේක් වීඩියෝ ද සමාජ මාධ්‍යවල පැතිරී ඇත.
මේ වන විට ව්‍යාජ ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා සචින් තෙන්ඩුල්කාර්ගේ වීඩියෝවක් සංස්කරණය කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval