
බලයේ සිටි කාලය රට පුරා සංස්කෘතික හා ගොඩනැඟිලි ස්ථාන විශාල වශයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට මෙම රැජිණ මූලිකත්වය දුන්නාය.
දෙවන පාරාවෝ ලෙස සැලකෙන තුත්මෝස්ගේ සහ අවසානයේ පාරාවෝගේ භාර්යාව වූ හට්ෂෙප්සුත්, පෙර නොවූ විරූ බලයක් හිමිකරගෙන තිබූ අතර,ඇගේ වසර 20 පාලන කාලය තුළ ඊජිප්තුව දියුණු කළ බවට ඉතිහාසයේ සදහන්ව ඇත.
ඉපැරණි චරිතය නූතන කාන්තාවක බවට පත් කළ යූ ටියුබ් නාලිකාව කරන විස්තරය අනුව පර්යේෂකයන් හට්ෂෙප්සුට්ගේ මමිය සොයාගෙන ඇති බව විස්තර කර තිබේ.
"ඇය සැබෑ ලෙසම කාලයට වඩා ඉදිරියෙන් සිටි කෙනෙක් හෝ සමහර විට කාලය ඇගේ දීප්තියට හසු වී නැත.
ඇගේ ජීවිතයේ අවසානය එතරම් සුවපහසු නොවූවත්, හට්ෂෙප්සුට් වසර 20 ක පාලනයක් ගෙන ගොස් ඇත.“ ඇය ව්‍යාජ රැවුල් පැළඳි බවටද මතයක් පවතී.
හට්ෂෙප්සුට්ගේ පාලන සමයේදී, මී ඉටි වලින් තද කරන ලද ඝන දිග විග් එකක් ඉතා ජනප්රියව තිබූ බවද, ඇය වයසට ගොස් ඇගේ හිසකෙස් අහිමි වුවද, ඇය නිතරම විග් එකක් පැළඳ සිටි නිසා, ඇය අවට සිටින අයට ඇගේ අඩු පාඩුව නොපෙනෙන්නට වග බලා ගත් බවද සදහන් කර ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval