
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2020 ක්‍රිකට් – තරගාවලිය මුදලට පවා දීම සම්බන්ධයෙන් කරන විමර්ශන සඳහා කටහඬ පරීක්ෂණයක් කිරිමට අධිකරණය ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට දන්වා තිබූ අතර එම විමර්ශනය කරන යන්ත්‍රය දෝෂ පැවතීම නිසා ඔහුට එය කළ නොහැකි විය.
විස්සයි විස්ස එල්.පී.එල් තරගාවලිය මුදලට පාවා දීම සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තරව පරීක්ෂණ කර මෙම පැමිණිල්ල කළ බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත. මෙතෙක් අනාවරණය වූ කරුණු අනුව අදාළ සැකකරු එක ක්‍රීඩකයකුට රුපියල් ලක්ෂ 130 බැගින් ලබා දීමට තීන්දු කර ඇති බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇති බවද ක්‍රීඩා ඒකකය අධිකරණයට මීට ඉහතදී කරුණු ඉදිරිපත් කළේය.
තරිදු රත්නායක, ධම්මික ප්‍රසාත් යන ක්‍රීඩකයන් දෙදෙනාට මෙසේ මුදල් ලබාදීමට යෝජනා කර ඇති බවත් 2019 අංක 24 දරන ක්‍රීඩා පනත අනුව මෙය සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බවත් දූෂණ වැළැක්වීමේ ඒකක අධිකරණයේදී සඳහන් කළේය.
පසුගිය සැප්තැම්බර් මාසයේදී ද සචිත්‍ර සේනානායක ක්‍රීඩකයා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ඉදිරිපත් කරනු ලැබීය.මෙම පැමිණිල්ල 2024 මැයි මස 17 වැනිදා යළි කැඳවන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය එදිනට දැනුම් දෙන ලෙස දන්වා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval