
ලෝකෙම අවධානය දිනාගත් IPL ක්‍රිකට් තරගාවලියේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙන ක්‍රීඩක ලැයිස්තුව තරග සංවිධායකයෝ අද ඉදිරිපත් කළහ.
මෙම වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 333ක් ඉදිරිපත් කර ඇති අතර ඉන් ක්‍රීඩකයින් 214ක් ම ඉන්දීය ක්‍රීඩකයින් වීම විශේෂත්වයකි.
වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිත විදෙස් ක්‍රීඩකයින් 119 දෙනා අතරින් 8 දෙනෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ය.
වනිඳු හසරංග, කුසල් මෙන්ඩිස්, ඩිල්ශාන් මදුශංක, චරිත් අසලංක, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර සහ නුවන් තුෂාර මෙලෙස ශ්‍රී ලංකාවෙන් IPL වෙන්දේසියට නම්කර ඇති ක්‍රීඩකයින්ය.
එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ලබා දී ඇති ඉහළම වෙන්දේසි මුදල වන්නේ ඉන්දීය රුපියල් කෝටි 1.5ක්.
එම අගය සහිත කාණ්ඩයෙන් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර ඇත්තේ වනිඳු හසරංගයි.
සෙසු ක්‍රීඩකයින් 7ම ඉන්දීය රුපියල් ලක්ෂ 50ක කාණ්ඩයෙන් මෙවර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval