
පසුගියදා අසභ්‍ය වචන හසුරුවමින් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ දී කලහාකාරී හැසිරීමක නිරතවූ රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන තිදෙනාම එම ආරවුල සම්බන්ධයෙන් වරදකරුවන් බව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පැවති පරීක්ෂණයේදී නිගමනය වී තිබේ.
ඒ අනුව ඔවුන් තිදෙනාට දඩුවමක් ලෙස පාර්ලිමේන්තු කටයුතු මසකට අත්හිටුවීමට තීරණය කර ඇති බව දන්වා තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කළ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ වාර්තාව සභාගත කිරීම කමිටු සභාපති චමල් රාජපක්ෂ අද (30) පාර්ලිමේන්තුවේදී සිදු කළ අවස්ථාවේ මෙම කරුණ අනාවරණය විය.
Comments
Post a Comment
Your comment will be visible after approval