
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි නිවස ඉදිරිපිටට ඊයේ (23) උදේ පැමිණි හිටපු ජනාධිපතිවරයා සතියක් ඇතුළත සොයා ගැනීමට නොහැකි වන ආකාරයට මරා දමන බවට කෑගසමින් කලහකාරී ලෙස හැසිරුණු බව කියන පුද්ගලයකු කුරුඳුවත්ත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ බමුණුගම, කිරිවැල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි.
හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිටට ඊයේ උදෑසන පැමිණ පුද්ගලයකු කෑගසන අයුරු දුටු ඒ ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු ඒ පිළිබඳව කුරුඳුවත්ත පොලිසියට දැනුම් දීමෙන් පසුව කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් වහා එහි ගොස් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
කුරුඳුවත්ත පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval