
ඉතාලියේ රෝමයට බටහිර දෙසින් පිහිටි ලැඩිස්පොලි හරහා ඇවිදිමින් සිටිනු දුටු සිංහයෙකු නිසා නගරවාසීන් තැතිගැන්මකට ලක්වූ සිදුවීමක් විදෙස් මාධ්‍යෙ වාර්තා කරයි. පසුව ඌ අල්ලාගෙන පලා ගිය සර්කස් ඒකකය වෙත ආපසු ගෙනගොස් ඇත.
සමාජ මාධ්‍යවල පළ කර ඇති වීඩියෝවලින් පෙන්නුම් කරන්නේ විශාල සිංහයා වීදිවල සැරිසරනු දැකීමෙන් ප්‍රදේශවාසීන් කම්පනයට පත් වූ අයුරුය.
‘කිම්බා‘ නම් වූ මෙම සිංහයා අල්ලා ගනු ලැබුවේ මූලික අනතුරු ඇඟවීමෙන් පැය පහකට වැඩි කාලයකට පසුවය.
සර්කස් හිමිකරු Rony Vassallo පැවසුවේ සිංහයා හොඳින් සිටින බවත්, ඌ පැන ගියේ කෙසේද යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණ සිදු කරන බවත්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval