china-cat-meat-trade

චීනයේ බොහෝ මිනිසුන් බළල් මස් අනුභව නොකරන නමුත්, හියුමන් සොසයිටි ඉන්ටර්නැෂනල් පවසන පරිදි, ගුවැන්ඩොං පළාත, අසල්වැසි ගුවැන්ග්සි සහ ඉන් ඔබ්බෙහි ප්‍රදේශ ඇතුළත් නීති විරෝධී වෙළඳපොලක සෑම වසරකම බළලුන්  මිලියන 4 ක් ආහාර සඳහා ඝාතනය කරනු ලැබේ.
චීනය  බළල් මස් වෙළෙන්දන් ලුහුබැඳීම සඳහා වරකට ඩොලර් දහස් ගණනක් සහ සති ගණනක් වැය කර ඇති හන්, ෂැංහයි අවට කලාපයේ නාගරික අයාලේ යන සහ එළිමහන් සුරතල් සතුන් ගොදුරු කර ගන්නා සැපයුම් දාමයක් අනාවරණය කර ගෙන ඇත.
පසුගිය වසරේ චීනයේ සිටි හැන් ජියාලිගේ ආදරණීය බළලා ‘ඩබායි‘ සොයා ඇය ගවේෂණයක් සිදු කල අතර එය චීනයේ භූගත බළලුන්ගේ මස් වෙළඳාම ගැන අනාවරණයන් සිදු කරනු ලැබීය.
ඩබායි සොයා ගැනීමේ ඇගේ ගවේෂණය ඇයව ගුවැන්ඩොං හි අපිරිසිදු සැකසුම් කම්හල් වෙත ගෙන ගිය අතර එහිදී ඇය දුටුවේ හම ඇති බළලුන්ගේ මළකඳන් කූඩවල සහ ලොම් ගෝනිවල ගොඩ ගසා ඇති බවයි.ඇය බළල් මස් විවෘතව බෙදා හරින ගමේ අවන්හල් හදුනා ගත් අතර ඇය තම සුරතලාට අත්වූ ඉරණමද අනුමාන කලාය .
දැන් ඇය වෙනත් බළලුන් ද එම ඉරණමෙන් ගලවා ගැනීමට අධිෂ්ඨාන කර ඇති අතර පසුගිය වසර පුරා පොලිස් වාර්තා ගොනු කිරීම, සොරුන් සොයා ගැනීම සහ ගුවැන්ඩොං රජයට පෙත්සම් සැකසීම ඇය විසින් සිදු කර  ඇත .
මේ වන විට ඇයට බළල් මස් වෙළෙන්දන්ගෙන් මරණ තර්ජන එල්ල වී ඇති බවත් ඇය වටා  භයානක මෙහෙයුමක් සිදුවන බවත්  දෙසැම්බර් මාසයේ දී මහාමාර්ගයේ විවේකාගාරයකදී මිනිසෙක් හිතාමතාම ඇගේ මෝටර් රථයට ඇතුළු වූ සිදුවීමකුත් විස්තර කළාය


33 හැවිරිදි ඇය චීනයේ  මේ වනවිට සුරතල් බළලුන් සහ බල්ලන් අපයෝජනයට එරෙහිව සටන් කරන පුද්ගලයින්ගෙන් කෙනෙකි.
නිදහසේ සැරිසරන පවුලේ සුරතලෙකු එළිමහනේ අල්ලා ගැනීම චීනයේ සොරකමක් ලෙස නොසැලකේ.
නීතියෙන් බළලුන් ආහාරයට ගැනීම තහනම් කර ඇති අතර, සත්ව හිංසනයට දඬුවම් කරනවාට වඩා ආහාර සුරක්ෂිතතා හේතු මත උල්ලංඝනය කරන්නන්ට දඩ නියම කරනු ලැබේ.
ක්‍රියාකාරීන් සහ රාජ්‍ය මාධ්‍ය විචාරකයින් පවා නීති සම්පාදකයින්ට දැනට පවතින වන සතුන් සහ පශු සම්පත් නීති වලින් ආවරණය නොවන හිඩැසක් වැසීමට සත්ව හිංසන නීතියක් සම්මත කරන ලෙස වැඩි වැඩියෙන් ඉල්ලා ඇත.
පසුගිය මාසයේ, ඇය සහ අනෙකුත් සත්ව ගලවා ගන්නන්, ප්‍රාදේශීය පොලිසියේ සහාය ඇතිව, ෂැංහයි අසල ෂැංජියාගං සිට බළලුන් සිය ගණනක් රැගෙන ගිය ට්‍රක් රථයක් අල්ලා ගත්හ.
පොලිසිය සහ සත්ව ගලවා ගන්නන් ට්‍රක් රථය නැවැත්වූ අතර, බළලුන් ෂැංහයි සිට පැයක් පමණ දුරින් පිහිටි තායිකාන්ග් නගරයේ නවාතැනකට ගෙන යන ලදී.
එහිදී සතුන් රැගෙන ගියේ ධීවරයින් අතර ජනප්‍රිය වගුරු බිම් ප්‍රදේශයක කුඩා පවුලක් විසින් පවත්වාගෙන යනු ලබන නවාතැනක් වෙතය .45 හැවිරිදි හිටපු ඖෂධ කර්මාන්තයේ වෘත්තිකයෙකු වන Gu Ming, ඔහුගේ බිරිඳ සමඟ නවාතැනේ ජීවත් වන අතර, සමීපව ඇසුරුම් කරන ලද, පීඩාවට පත් වූ සතුන් අතර වේගයෙන් පැතිරෙන තුවාල සහ වෛරස් ආසාදනවලින් මේ වන විට විශාල  ගණනක් මිය ගොස් ඇති බව ඔහු පැවසීය.
නවාතැනේ සිටින ස්වේච්ඡා සේවකයන් රෝගී සතුන් තාවකාලික නිරෝධායන කූඩුවල හුදකලා කර නිරෝගී බළලුන්ට එන්නත් කිරීමට සහ විෂබීජහරණය කිරීමට පශු වෛද්‍යවරුන් කැඳවා තිබුනි.
ඔවුන් සුව වූ පසු Gu විසින් සියළුම බළලුන් ප්‍රාදේශීය පන්සලක් අසල කුඩා දූපතකට ගෙන යාමට සැලසුම් කරයි, එය දැනට කුඩා පැල්පත් වලින් පිරී ඇති අතර මීට පෙර නවාතැනෙන් ගලවා ගත් බළල්ලු සියගණනක් වාසය කරති.