
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් එළඹෙන 2024 වර්ෂයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා නොකරන බවට දැනුම්දී තිබේ. ඒ ඔහුගේ ශාරීරික යෝග්‍යතාව කළමනාකරණය කර ගැනීමට හා අධික කාර්යබහුලත්වය හේතුවෙනි.
මේ පිළිබඳ ඔහු ක්‍රීඩා කරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට දැනුම්දී ඇති අතර, ඔවුන් ඒ තීරණයට එකඟවන බවද දන්වා ඇත. එළඹෙන වසරේ අයි.පී.එල්. තරගාවලියේ කණ්ඩායම් සිදුකරන වෙනස්කම් අනිද්දා (26දා) දක්වා දැනුම්දීමට කණ්ඩායම්වලට හැකියාවක් ඇත. කෙසේ වෙතත් ස්ටෝක්ස් එළඹෙන වර්ෂයේදී චෙන්නායි කණ්ඩායමෙන් ඉවත් කරනවාද නැද්ද යන්න පිළිබඳ ඔවුන් තවමත් දැනුම්දී නොමැත. ස්ටෝක්ස් මෙම (2023) වර්ෂයේදී අයි.පී.එල්. තරගාවලියේදී එම්.එස්. දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 16.25ක (රුපියල් කෝට් 64) මුදලකටයි.
Comments
Post a Comment
Your comment will be visible after approval