Another-Palestinian-journalist-killed-Gaza

පලස්තීන රූපවාහිනී වාර්තාකරුවෙකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් 11 දෙනෙකු බ්‍රහස්පතින්දා දකුණු ගාසා තීරයේදී මරා දැමූ බව පලස්තීන අධිකාරිය විසින් පවසයි. ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් හේතුකොටගෙන ඔවුන් මිය ගොස් ඇති බව වාර්ථා වෙයි.  

මොහොමඩ් අබු හට්ටබ් නම් එම වාරථාකරු, බ්‍රහස්පතින්දා රාත්‍රියේ දී ගාසා හි නසාර් රෝහලෙන් පිටත සජීවී වාර්තා කරනයක් ඉදිරිපත් කර ඇත. වැඩසටහනෙන් පසු ඔහු ආපසු නිවසට පැමිණ ඇති අතර, එම අවස්ථාවේ දී මෙම ගුවන් ප්‍රහාරයට ගොදුරු වී ඇත. ගුවන් ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින්ද මිය ගොස් ඇති බව වාර්ථා වෙයි.



ඊශ්‍රායල හමුදාව මේ වනතෙක් සිද්ධිය සම්බන්ධව ප්‍රකාශයක් ඉදිරිපත් කර නැත.

හට්ටබ්ගේ මරණය එරට මාධ්‍ය ක්ෂේත්‍රය පුරා කම්පනයක් ඇති කර ඇත. පලස්තීනයේ සල්මාන් අල් බෂීර් රූපවාහිනී නිවේදිකාවක් කඳුළු සලමින් හැඟීම්බර වාර්තාවක් ඉදිරිපත් කළේය. “අපිට තවත් මේක දරාගන්න බෑ. අපි වෙහෙසට පත් වෙලයි ඉන්නේ, අපි නිතරම ඉන්නේ අපේ මරණය බලාපොරොත්තුවෙන්. අපි එකා පසුපස එකා මිය යමින් ඉන්නේ. කිසිම කෙනෙක් අපි ගැන හෝ ගාසාවේ සිදු වන මහා පරිමාණ අපරාධ ගැන ගණන් ගන්නේ නැහැ. ” යනුවෙන් ඇය පැවසුවාය.

ඊශ‍්‍රායලය සති ගනනාවක් තිස්සේ ගාසා තීරයට බෝම්බ ප‍්‍රහාර එල්ල කරමින් සිටී. එය ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන්ට දරාගත නොහැකි තත්වයකට පත්ව ඇතැයි අල් බෂීර් පැවසීය.

හමාස් සටන්කාමීන් සහ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය විසින් සිදු කරන ගුවන් ප්‍රහාරවලින්,

අවම වශයෙන් පුද්ගලයින් 9,025 ක් මිය ගොස් 22,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී ඊශ්‍රායල ජාතිකයන් 1,400කට වැඩි පිරිසක් මරා දමා ප්‍රාණ ඇපකරුවන් 220කට අධික පිරිසක් අල්ලා ගැනීමෙන් පසුව ගැටුම් ආරම්භ විය. ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා විසින් ගාසා තීරයේ ඇති විශාල නේවාසික ප්‍රදේශ, පාසල් සහ රෝහල්වලට පහර දී ඇත.

උතුරු ගාසාතීර වැසියන්ට එම කලාපයෙන් ඉවත් වී දකුණු ගාසා තීරයට සංක්‍රමණය වන ලෙස ඊශ්‍රායල ආරක්‍ෂක හමුදාව (IDF) අනතුරු අගවා තිබුණද , මේ වන විට දකුණු ගාසා තීරයද මාරාන්තික ගුවන් ප්‍රහාරවලින්  පීඩා විඳිති.

මිය ගිය වාර්ථාකරු වන හට්ටබ්ගේ අවසන් රූපවාහිනී වාර්තාව වූයේ , දකුණු ගාසා හී ඛාන් යූනිස් ප්‍රදේශවලට සිදු කරන ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සහ ඒ තුළින් තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳව ය.



 හමාස් සංවිධානය සහා ඊශ්‍රායලය අතර ඇති යුද්ධය , මාධ්‍යවේදීන්ට වඩාත්ම මාරාන්තික වී ඇති බව මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව (CPJ) පවසයි. ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා පලස්තීනුවන් 28 ක්, ඊශ්‍රායල ජාතිකයින් හතර දෙනෙකු සහ ලෙබනන් පුරවැසියෙකු  ඇතුළුව මාධ්‍යවේදීන් 33 දෙනෙකු පමණ මරා දමා ඇති බව එම සංවිධානය ප්‍රකාශ කළේය.  

පසුගිය සතියේ සිදු කරන ලද ගුවන් ප්‍රහාරයකින්, අල් ජසීරා හි ගාසා කාර්යාංශයේ ප්‍රධානීවරයාගේ පවුලේ පිරිස මිය ගොස් ඇති බව වාර්ථා වෙයි.