
ඉන්දියාවේ ලක්නව් නුවර අද පැවති ඉන්දියාව හා එංගලන්තය අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ඉන්දියාව පහසු ජයක් අත්කරගත්තේය.
කාසියේ වාසිය දිනා ඉන්දියාවට පහරදීමේ අවස්ථාව ලබාදුන් එංගලන්තය ඕවර 50 කදී කඩුලු 9 කට 229 වැනි ලකුණු සංඛයාවකට ඉන්දීය ඉනිම සීමා කිරීමට සමත් විය. විලී කඩුලු 3 ක් හා වොක්ස් හාරසිඩ් කඩුළු 2 බැගින් ලබාගන්නා ලදි.
නමුත් එංගලන්ත පිතිකරු අංශය සුපුරුදු දුර්වල තත්වය පෙන්නුම් කළ අතර පිලිතුරු ඉනිමේදී ඕවර 34.5 කදී සියල්ලන් දැවී රැස් කළේ 129 ක් පමණි. වැඩිම ලකුනු ලාභියා ලිවින්ස්ටන් 27 ක් වූ අතර තිදෙනෙකු ලකුණු නොලබා දැවී ගිය අයවිය.
මේ අනුව පසුගිය ලෝක කුසලානයේ ශූරතාව හිමි එංගලන්තය මෙවර තවදුරටත් අවසන් ස්ථානයේ රඳවමින් අමිහිරි පරාජයකට උරුමකම් කීවේය.


Comments
Post a Comment
Your comment will be visible after approval