
53 හැවිරිදි මැක් චුටොන් ස්කොට්ලන්තයේ Cumbernauld හි පදිංචිකාරියකි. ඇගේ නිවසේ ඇතිදැඩි කළ ‘ඇල්බට්‘ නමැති ගිරවෙකු කූඩුව විවෘත කර නිවසින් පැන ගොස් තිබූ සිදුවීමක් පසුගියදා වාර්තා විය.පසුව සොයාබැලීමේදී නිවසේ සිට සැතපුම් 30 කට වඩා දුරින් ගිරවා සොයා ගැනීම විමතියට හේතුවිය.
ඇල්බට් උගේ කූඩුවේ උගේ සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් කරමින් සිටියදී අගුල විවෘත කර ඇති බව ඇය පැවසුවාය.
ඇය පැවසුවේ ඇල්බට් නැති වූ බව තේරුම් ගත්තේ ඇගේ සැමියා කරන ලද දැනුම් දීමෙන් බවයි.
"මම උඩට ගියා, මගේ සැමියා කෑගහනවා මට ඇහුණා, 'ගිරවා එළියට ගිහින් '" කියලා කිව්වෙ ඒ වෙලාවෙ.
ඇය පැවසුවේ ගිරවාගේ අතුරුදන්වීම ෆේස්බුක් වෙතද පළ කළ බවයි.
“අපි එහාට මෙහාට දිවගියා ගස්වලට එයාගේ නම කෑගැහුවා.. එයාව හොයන්න උත්සාහ කරා" ඇය පැවසුවාය.
ඇය පසුගිය කාලය පුරාම කවුරු හෝ දොරට තට්ටු කරනවද බලමින්, මුළු කාලයම හඬමින් ,කවුරුන් හෝ ඇයගේ ආදරණීය ගිරවා සොයාදෙනතුරු බලා සිටිය බවද කීවාය.
දින හතරක සෝදිසියෙන් පසු, තම නිවසේ සිට සැතපුම් 30 කට වඩා වැඩි දුරින් කුරුල්ලෙකු දුටු බව යමෙකු පැවසූ විට ඇයගේ බලාපොරොත්තු අලුත් වූ බවයි.
ගිරවා අල්ලා ගැනීමට සමත් වූ පසු, එම පුද්ගලයා කුරුල්ලා පශු වෛද්‍යවරයා වෙත ගෙන එන ලදී - එහිදී මැක්චුටොන්ට ඌ ඇල්බට් බව තහවුරු කිරීමට හැකි විය.
"මට ට එවෙලේ හිතාගැනීමට නොහැකි වුනා ," ඇය සිහිපත් කළාය.
නිවසේ සිට සැතපුම් 32ක් දුරින් ඔහු සොයා ගැනීම ආශ්චර්යයක් බවද ඇය පැවසුවාය.
"ඇල්බට් නිරුපද්‍රිතව නිවසට පැමිණීම දැකීම බොහෝ දෙනෙකුට බලාපොරොත්තුවක් ලබා දී ඇත," ඇය පැවසුවාය.
"කවුරුහරි මට කිව්වා ආශ්චර්යයන් සිදු වන බව.ඒ මෙයට හොද සාක්ෂියක් " ඇය පැවසුවාය.

Comments
Post a Comment
Your comment will be visible after approval