
බොහෝ සෙයින් ආදරය කරන නවසීලන්ත විකට නිළියක සහ රූපවාහිනී සත්කාරක කැල් විල්සන් 53 හැවිරිදි වියේ පසුවූ අතර කෙටි අසනීපයකින් පසු බදාදා සිඩ්නි රෝහලකදී මිය ගියාය.
දක්ෂ ලේඛිකාවකද වූ ඇගේ විශාල පෞරුෂය සහ වර්ණවත් හිසකෙස් නිසා ඇය බොහෝසෙයින් ප්‍රසිද්ධියට පත්ව සිටියාය.
ඇයගේ සැමියා ක්‍රිස් වූ අතර,ඇය මිය යන විට ඇයට 14 හැවිරිදි පුතෙකු සිටියාය.
විකට නිළිය රාජකීය ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් රෝහලේදී මිය ගිය බව පැවසිණි.
ඇයට උපහාර දැක්වීමට ආ ප්‍රසිද්ධ පුද්ගලයින් අතර හොලිවුඩ් නිළි රෙබෙල් විල්සන්, සෙසු විකට ශිල්පීන් වන මෙලනි බ්‍රේස්වෙල් සහ උර්සිලා කාල්සන්, මැග්ඩා සුබන්ස්කි සහ හිටපු චැනල් 7 සත්කාරක ග්‍රාන්ට් ඩෙනියර් ද පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval