
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයෙන් බංග්ලාදේශය පරදවා කඩුලු 8ක ජයක් හිමි කර ගැනීමට නවසීලන්තය සමත් විය.
මේ සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පිවිසි නවසීලන්තය පිට පිට හිමි කර ගත් තෙවැනි ජය මෙය වන අතර, තරග 3කට එක් වූ බංග්ලාදේශ පිල පරාජය වූයේ දෙවැනි වරටය.
චෙන්නායිහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය ලකුණු 245ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය නවසීලන්තය පන්දු 43ක් ඉතිරිව තිබියදී ජය හිමි කර ගත්තේ කඩුලු 2ක් පමණක් අහිමි කර ගනිමිනි.


Comments
Post a Comment
Your comment will be visible after approval