
තමාගේ හොඳම එක්දින පන්දු යැවීම 6/21 ලෙස ලබාගෙන ඒ සඳහා 2023 ආසියානු කුසලාන අවසන් මහා තරගයේ තරගයේ ක්‍රීඩකයා සම්මානය හිමිකර ගත් ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් සිරාජ් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තම ත්‍යාග මුදල පිටියේ කාර්ය මණ්ඩලයට කැප කළේය.
ඊට හේතුවූයේතරග වර්ෂාවෙන් බේරාගන්නට ඔවුන් දැක්වූ දායකත්වය ඇගයීමටය.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ සේවකයන්ගේ කැපකිරීම වෙනුවෙන් ඩොලර් 50,000ක මුදලක් ත්‍යාග ලෙස දුන් අතර එහි මෙරට මුදලින් වටිනාකම රුපියල් මිලියන 16 පමණ වේ.
“මෙම මුදල් ත්‍යාගය හිමිවන්නේ පිට්ටනිකරුවන්ට. ඔවුන් නොමැතිව මෙම තරගාවලිය කළ නොහැකි වනු ඇත,” සිරාජ් තරගයෙන් පසුව පැවසීය.
ඉන්දීය වේග පන්දු යවන්නා ඉරිදා ශ්‍රී ලංකාවට එරෙහිව ඔහුගේ පන්දු යැවීම ඔහුගේ 'best spell' ලෙස හඳුන්වා ඇත.


Comments
Post a Comment
Your comment will be visible after approval