
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමුවරට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කිරීමට සමත්ව තිබේ.සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති දෙවැනි 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කර තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා එංගලන්ත කාන්තා කණ්ඩායමට ආරාධනා කළ අතර එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 18ක් තුළ සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 104කි.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 13 යි පන්දු 2ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 110ක් ලබා එම ඉලක්කය පසුකරයන්නට සමත් විය.
වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායිකා චමරි අතපත්තු පන්දු 31කදී ලකුණු 55ක් රැස් කළාය.

Comments
Post a Comment
Your comment will be visible after approval