
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති පෙරහුරු තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
ඉන්දියාවේ ගුවහාටි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාව 49යි එක් පන්දුවක දී සියලු දෙනා දැවී ලකුණු 263ක් ලබා ගැනීමට සමත් විය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිස්සංක ලකුණු 68ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 55ක් රැස් කළහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42ක් අවසානයේ නියමිත ඉලක්කය පසු කර ගියේ, කඩුලු 03ක් පමණක් දැවී තිබියදීය.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ටන්සිඩ් හසන් ලකුණු 84ක් සහ ලිටන් දාස් ලකුණු 61ක් රැස් කිරීමට සමත් විය.
මෙහිදි හසන් මිරාස් නොදැවී ලකුණු 67ක් රැස් කළේය


Comments
Post a Comment
Your comment will be visible after approval