50-lakhs-to-Percy-who-encouraged-the-game-of-cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දිරිගන්වන්නා ලෙස දීර්ඝ කාලයක් රට වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ දැනට රෝගාතුරව සිටින පර්සි අබේසේකර මහතාට ශ්‍රී ලංකාක්‍රිකට් ආයතනය රුපියල් ලක්‍ෂ 50ක මුදලක් ඊයේ (18) පරිත්‍යාග කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවේ පර්සි අබේසේකර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වර්තමාන තත්වයට ගෙන ඒමට විශාල මෙහෙවරක් කළ පුද්ගලයකු බවයි.ඒ පිළිබඳව අවධානය යොමු කර ඒ මහතාගේ සෞඛ්‍ය වියදම් සඳහා මෙම මුදල පරිත්‍යාග කළ බවද ඔහු සඳහන් කළේය.