
සමහර නායකයන්ගේ ගිණුම්වල තියෙන අතිවිශාල මුදල් ප්‍රමාණ දැක්කම අරගලයේ ප්‍රතිඵලය කාටත් හොඳින් පැහැදිලි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. සමහර නායකයන් ඔවුන්ගේ පැවැත්ම සඳහා අරගලය පාවිච්චි කළ බව ද ඔහු සඳහන් කළේය. මේ අතර දේශපාලනඥයන්ට සහ පුද්ගලයන්ට අවශ්‍ය පරිදි සහනාධාර දෙන ක්‍රමවේදය අවසන් කිරීමට පියවර ගන්නා බව ද පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා
සමෘද්ධි ව්‍යාපාරය කප්පාදු කිරීමට රජය කිසිවිට පියවර නොගන්නා බව ද ප්‍රකාශ කළේය. සුබසාධන දීමනා ලැබිය යුතු සුදුසුම කණ්ඩායමට එම දීමනා වැඩි වශයෙන් ලබා දීමට පියවර ගන්නා බවද ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
අස්වැසුම සම්බන්ධයෙන් ලබාගත් අභියාචනා සහ පැමිණිලි සියල්ල ඉදිරියේ දී විමර්ශනය කෙරෙන බවත් ඊට පසු බැංකු ගිණුම් විවෘත කිරීමට සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බවත් ඔහු සඳහන් කළේය. මේ වැඩපිළිවෙළ හරියාකාරව ක්‍රියාත්මක වන හෙයින් කිසිවකු කලබල විය යුතු නැති බව සේමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
සුජිත් හේවාජුලිගේ
Comments
Post a Comment
Your comment will be visible after approval