
කුලී රථයක හිරවුනු බළලෙකු සැතපුම් 500 දුර ගමන් කරන ලද සිදුවීමක් බ්‍රිතාන්‍යයෙන් වාර්තාවිය. කුලී රථ රියදුරු ටොම් හචිං (Tom Hutchings) විශ්වාස කර ඇත්තේ බළලා ඔහුගේ වාහනයේ ග්‍රිල් එකෙහි සිරවීමෙන් පසු අවම වශයෙන් සැතපුම් 500ක් පමණ ගමන් කර ඇති බවයි.
32 හැවිරිදි Tom Hutchings, ප්‍රකාශ කරන්නේ " මම බළලා එළියට ගන්නේ කෙසේදැයි සොයා බැලීමට උත්සාහ කරා.මට අදටත් තේරෙන්නේ නෑ එයා එතනට ආවේ කොහොමද කියලා."
"එයා දින ගණනක් එහි සිටිය හැකි යැයි සිතීම ඇත්තෙන්ම බියජනකයි. විශේෂයෙන්ම එදා මම එහාට මෙහාට - බ්‍රිස්ටල්, ලැනෙල්ලි නිම්නවලට ගියා."
"මම හිතන්නේ නැහැ මේ දේවල් නිතර සිදුවෙනවා කියලා," ඔහු පැවසීය.
ගිස්මෝ බළලා අවසානයේ සත්වයා නිදහස් කරන විට "ඉතා සතුටට" පත් විය.
“මම සතාව එළියට ගත් විට ඌ මගේ උරහිසට නැග්ගා,” හචිං මහතා වැඩිදුරටත් පැවසීය.
"මම පසුව පශු වෛද්‍යවරුන්ට කතා කළා, ඔවුන් මට කිව්වා, සතියක් තිස්සේ එයා අතුරුදහන් වෙලා තිබුණා කියලා."
ගිස්මෝ සවුත් වේල්ස් හි ටෝනිරෙෆෙයිල් සිට සැතපුම් 10ක් පමණ දුරින් පිහිටි මිස්කින් ප්‍රදේශයේ සිටියදී සෙතා සොයාගෙන ඇත.
කෙසේ නමුත් අවසනදී Tom Hutchings අයිතිකරු තම බළල් මිතුරා සමඟ නැවත එක් කළ අතර ඔහු ඒ ගැන ඉතා ස්තුතිවන්තභාවය පළ කර සතුටු විය.
Comments
Post a Comment
Your comment will be visible after approval