
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායක බබාර් අසාම් පසුගිය සඳුදා (21) පැවති මාධ්‍ය හමුවකදී හෙළි කර තිබුණේ තමන් දිගටම ශ්‍රී ලංකාවේ රැඳී සිටින්නට මේ කාලයේ සිදුව ඇති බැවින් ශ්‍රී ලංකාව දැන් තම දෙවන නිවස හා සමාන බවයි.
ටෙස්ට් තරඟාවලියට සහ අනතුරුව ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට (LPL) ක්‍රීඩා කර ඇති බැවින් මෙම හැඟීම්
මතුව ඇතැයි ඔහු කියයි.
පසුගිය සතියේ හම්බන්තොටදී ආරම්භ වූ පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියට පෙර අසාම් මේ බව ප්‍රකාශ කර තිබුණි.
“ශ්‍රී ලංකාව දැන් මගේ දෙවන නිවස ලෙස හැඟේ. මම මෙතනට ඇවිත් මාස කිහිපයක් වෙනවා. මෙහෙ ලංකාවට එරෙහිව ටෙස්ට් ගැහුවා, ඊට පස්සේ LPL ගැහුවා, දැන් අපිට ඇෆ්ගනිස්තාන් ODI තියෙනවා, ඊට පස්සේ ආසියානු කුසලානය මෙතන තියෙනවා. ඒ අතරේ දවස් දෙකක් විතර පකිස්තානයට ගියා” පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයා පවසා තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval