
ඉන්දියාවෙ ප්‍රාදේශීය කොල්කටා දුම්රියක් තුළ කාන්තාවන් පිරිසක් දරුණු සටනක නිරත වන අයුරු දැක්වෙන ඩියෝවක් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වෙමින් පවතියි.
එම වීඩියෝවේ දැක්වෙන්නේ කාන්තා දුම්රිය මැදිරියක් තුළ කාන්තාවන් පිරිසක් ගැටුමක නිරත වන අයුරුවන අතර ඔවුන් කෑගසමින්,
එකිනෙකාගේ කොන්ඩාවලින් අඳිමින් සෙරෙප්පු සහ මුෂ්ටිවලින් එකිනෙකාට පහර දෙන අයුරු දැකගත හැකිය. අනෙක් මගීන් ගැටුම සමථයකට පත්කිරීමට මැදිහත් වීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය. මෙම ගැටුමට නිශ්චිත හේතුව තවමත් නොදනී.
මෙම වීඩියෝව ජුලි 11 වනදා අන්තර්ජාලයේ ප්‍රසිද්දකර ඇති අතර මේ වන විට එය ට්විටර් හි 6,000 කට ආසන්න ප්‍රමාණයක් නරඹා තිබේ. සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් මෙම වීඩියෝවට ප්‍රතිචාර රාශියක් යොමු කර තිබෙන අතර එක් පරිශීලකයෙක් සදහන්කර තිබුනේ "දුම්රිය ඇතුලෙ wwe රෙස්ලින්" යනුවෙණි.
ඉන්දියාවෙ දුම්රිය තුළ කාන්තාවන් ගහගත්ත පළමු සිදුවීම මෙය නොවන අතර. මීට පෙර, මුම්බායි ප්‍රදේශයේ දුම්රිය මැදිරියක් තුළ කාන්තාවන් පහරදීගන්නා වීඩියෝවක්ද අන්තර්ජාලයේ දක්නට ලැබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval