
බදුල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා මෙසේ කීවේය.
"මේ අවුරුද්දේ මැතිවරණ නෑ. 2024 තමා මැතිවරණ වර්ෂය. අපිට තේරෙනවා, අපිට දැනෙනවා 2024 එන්නේ පළමු මැතිවරණය ජනාධිපතිවරණයක්. ඒකට තමා අපි දැන් මේ ලෑස්ති වෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා ජනවරමකින් 2024 දී ජනාධිපතිවරයා බවට පත්කරන්න ඕනේ කියලා මම යෝජනා කරනවා. තිබුණු කරපු දේශපාලන නායකත්වයට මේ රට කරන්න බෑ කියන කාරණාව උඩ අපි එළියට ඇවිත් කිව්වා දැන් වෙනසක් ඕනේ කියලා. සාමාන්‍යයෙන් ලෝකයේ රටක් වැටුණහම භාරගන්නේ විපක්ෂ නායකවරයා. නමුත් ලංකාවේ එහෙම භාරගන්න කොන්ද පණ තියෙන විපක්ෂ නායකවරයෙක් හිටියේ නෑ. එයා පැනලා ගියා. ඒ නිසා ආසයි බයයි කියලා ප්‍රශ්තාපිරුළක් ඇති වුණේ."
Comments
Post a Comment
Your comment will be visible after approval