
තම ළදරු පුතාට ශාරීරිකව අපයෝජනය කරන ආකාරය රූගත කිරීම සහ එම වීඩියෝව ඔහුගෙන් වෙන්ව සිටින බිළිඳාගේ මවට යවා ආපසු එන ලෙස බල කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු චීන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු තම පුතාට ශාරීරිකව අපයෝජනය කරන ආකාරය වීඩියෝවට නගා ඇති අතර එම වීඩියෝව චීනයෙහි ප්‍රාදේශීය මාධ්‍යයක් තුළින් වාර්තා කර ඇත.
චීනයෙහි Guangdong පළාතේ Zhanjiang හි නාගරික රජයේ නිලධාරීන් පැවසුවේ ජූලි මස මුලදී ඔහුගේ පෙම්වතිය වූ Chen හැර යාමෙන් පසු ළදරු පුතා තනිවම බලා ගැනීමට සිදු වීම ගැන පියා වූ Deng කලබල වූ බවයි.
ඩෙන්ග් තම පුතාගේ කම්මුල් රතු වී ඉදිමෙන තුරු 30 වතාවක් පමණ පහර දුන් බව වාර්තා වෙයි.
පසුව ඔහු එම අපයෝජනයේ වීඩියෝවක් චෙන්(බිරිද) වෙත යවා ඇත.
ඔහු විසින් වීඩියෝ පටය යැවීමෙන් පසු විරසක වූ යුවළට සිදුවූයේ කුමක්ද යන්න අපැහැදිලි වුවත්,චීන පොලිසිය ඔහු රඳවා තබා ගැනීමෙන් පසු පළාත් පාලන ආයතනය විසින් බිළිඳා පියාගෙන් ලබා ගත් බව වාර්තා වේ.
මෙම සිදුවීමෙන් බිළිඳාට දීර්ඝ කාලීන ශාරීරික හානියක් සිදුවී නොමැති බව ඔවුහු පැවසූහ.
ප්‍රාදේශීය පොලිසිය සහ ප්‍රාදේශීය කාන්තා හා ළමා සම්මේලනය වැඩිදුර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරයි
Comments
Post a Comment
Your comment will be visible after approval