
ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පිහිටි ප්‍රධාන මුස්ලිම් පල්ලියේදී ඊයේ (29දා) දිනයේදී පැවැති ඊද් ආගමික වතාවත් අතරවාරයේ එය ඉදිරිපිටදී එරට අන්තවාදීන් පිරිසක් කුරානයට ගිනි තැබීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙහිදී එක් පුද්ගලයෙකු සිය පාවහන ගලවා කුරානයේ පිටු කිහිපයක් වෙත පහරදී ඇති අතර, අනතුරුව ඔහු පල්ලිය ඉදිරිපිටට ගොස් එම කුරානය වෙත ගිනි තබා තිබේ.
පසුව එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මෙම අවස්ථාවේදී එම ගිනි තැබීමට එරෙහිව 200කට අධික පිරිසක් එම පල්ලිය ඉදිරිපිට විරෝධතාවේ නිරතව තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval