
බොලිවුඩ් නිළි සොනාලි සීගල් මෑතකදී විවාහ දිවියට පිවිසි අතර ඇය අතගත්තේ අසේෂ් සජ්නානි සමගිනි.
බ්‍රහස්පතින්දා මුම්බායිහිදී පැවති විවාහ උත්සවයේදී සොනාලි සිය මනාලයා සමඟ ඡායාරූප ශිල්පීන්ට පෙනී සිටි නමුත් ඇය සිය සුරතල් සුනඛයන් දෙදෙනා වන කුකී සහ ෂම්ෂර් සමඟ පෝරුවේ සිට පෙනී සිටීමට අවශ්‍ය බව දන්වා සිටියාය.
මේ අවස්ථාවේ සහයකයෙකු සුනඛයින්ව පෝරුව වෙත ගෙන ආ අතර සොනාලි සිනහසෙමින් ඡායාරූප වලට එක්වූවාය.
කෙසේ වෙතත් මනාලයා අසේෂ් ඇය සහ බල්ලන් සමඟ පෙනී සිටින්නට ඉදිරිපත් නොවීය. එසේ නොසිටියේ මන්දැයි පැමිණි පැපරාසි මාධ්‍ය විමසූවිට, සොනාලි සිනාසෙමින් පැවසුවේ “වෝ බච්චේ නහී හැන්ඩ්ල් කාර් සක්තේ. (ඔහුට තවම දරුවන් හැසිරවිය නොහැක.) ලෙසිනි.
සොනාලි සීගල් Pyaar Ka Punchnama චිත්‍රපටය නිසා පසුගිය කාලයේ බෙහෙවින් ජනප්රියවී සිටියාය.

Comments
Post a Comment
Your comment will be visible after approval