
බත්තරමුල්ලේ සීලරතන හිමියෝ අපාරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් කර අනතුරුව මාධ්‍ය වෙත මෙසේ පැවසූහ.
"අපි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් කළා දෙරණ අයිතිකරු දිලිප් ජයවීරට විරුද්ධව. මේ මෑත භාගයේදිත් යම් යම් අයට කඩේ ගිහිල්ලා, මහින්ද රාජපක්ෂට කඩේ ගියා. මේ හැම එකාටම කඩේ ගිහිල්ලා ගිහිල්ලා හොඳට හම්බකරපු බඩුවක් තමයි දිලිප් ජයවීර කියන්නේ. ඒකේ මාධව කියලා එකෙක් ඉන්නවා. ඇයි මාධව කියන මිනිහටවත් තේරෙන්නේ නැද්ද තමුසෙලාට තමුන්නාන්සේලාගේ ගුරුවරයට උපදෙස් දෙන්න සර් මේවා කියන්න එපා කියලා.
දැන් ජෙරාම්ගේ නෝනලා ටික ඔක්කොම ලංකාවට එව්වා. තෝ විතරක් රට ඉන්නවා. තොට එන්න බයයි. ඇයි? දෙවියන් වහන්ස්සෙ තොට ගහනවා. අපේ රටේ සිංහල බෞද්ධයෝ ටිකයි අන්‍යආගමිකයෝ ටිකයි තොට ගහන්නේ.
තොපිට එන්,ජී,ඕ වලින් සල්ලි ලැබෙන හන්දා තොපි මේ වැඩ කටයුතු කරනවා. අරගලය මොකද කරේ? බුදු දහමට පුළුවාන්තරම් ගැහුවා. දැන් කියපියකෝ රනිල් ගෙදර පල කියලා. තොපේ ඔලු ටිකත් නෑ කටු ටිකත් නෑ ඇටකටු ටිකත් නෑ.
ජයවීර තමුසේ ලොසෙක් වෙන්න පුළුවන්, ජයවීර මහත්තයෝ තමුන්නාන්සේගේ දෙරණ නාළිකාව තියාගෙන මේ රට විනාශ කරන්න එපා. අනෙක් කට්ටිය අපහාස කරයි කියලා අත්අඩංගුවට ගත්තා. දෙරණ නාළිකාවේ අධිපතියට විතරක් නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැත්තේ ඇයි කියන එක තමයි අපිට ප්‍රශ්නේ. එසේනම් දිලිපුත් ගන්න. "
Comments
Post a Comment
Your comment will be visible after approval