
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැති සභාවක් අමතා මෙසේ පැවසීය.
"අරගල කරලා බලය පිහිටුවනවනම් අරගලෙන්ම එන රාජ්‍ය සේවයක් හැදෙන්න ඕන. අරගලෙන්ම එන අහවල් එකක් හැදෙන්න ඕන. ගෝඨාභය ඉන්න කාලේ කිව්වේ අරගලයෙන් අපි මේක කරනවා. දැන් කියනවා අරගලේකින් බලය ස්ථාපිත කරන්න බෑ කියලා. රනිල් ආවම තමයි ප්‍රඥාව පහළ වෙන්නේ. රනිල් ආවට පස්සේ එක විරෝධතා ව්‍යාපාරයයි ඒකත් ඉරිදා දවසක.
රනිල්, ජුලියා චංගේ ප්ලෑන් බී එක බවට පත් වෙනවා. ජුලියා චංගේ ඒ නිසා ට්විටර් දාන එක අඩු වෙනවා. ජුලියා චංට හසුරුවන්න පුළුවන් දේශපාලන පක්ෂවල කතාබහ වෙනස් වෙනවා. පෙරටුගාමී පෙළපාලි අඩු වෙනවා. ජවිපෙ පෙළපාලි නැතිවෙනවා. ක්‍රියාකාරීත්වයෙන් බලන්න ඕන කතාවෙන් නෙමෙයි."
Comments
Post a Comment
Your comment will be visible after approval