
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ඊයේ මැයි 9 බේරේ වැව ආසන්නයට පැමිණ මෙසේ කියා තිබේ.
“එච්චර අරගලයක් කරපු අයට බැරි වුණා මෙතනට ඇවිත් සැමරුමක්වත් කරන්න. ඒකත් කරන්න වෙලා තියෙන්නේ මට. හැබැයි මං ආවේ සැමරුම බලන්න. අරගලය ජයග්‍රහණය කරපු අය අද නෑනේ එයාලා ඉන්නේ පොළොව යට. ජයග්‍රහණය කරපු අය තමා පොළොව උඩ ඉන්නේ. අපි තමා ජයග්‍රහණය කරලා තියෙන්නේ. මේක මට පුරුදුයි. අලුතින් නාන්න දෙයක් නෑ. මේක මගෙ ගම. මම කොහොමත් නානවා බේරේ. අලුතින් නාන්න දෙයක් නෑ. අරගලයට මං ස්තූතිවන්ත වෙනවා මාව දේශපාලන නායකයෙක් කලාට. මාව හොස්පිටල් ගිහිං දාන්න අයියෝ කියන්නේ මගේ දේශපාලන සටන් පාඨය. මං එහෙම කියලා එතන කළේ රඟපෑමක්. ඒ රංගනේ ආවේ නැත්තම් මට අද මෙතන ඉන්න බෑ. රංගනයක් තිබුනේ එතන. ඉන්න බෑ අද.“
Comments
Post a Comment
Your comment will be visible after approval