
පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැති සභාවක් අමතා මෙසේ පැවසීය.
"අහිංසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මරලා කොහොමද ඒ ගොල්ලො එළියේ ඉන්න ක්‍රමය මිනිස්සුන්ට කියලා දෙන්න. ඒක හොදයි අනිත් දේශපාලන පක්ෂවලටත්. පංතියක් තිබුනොත් හොඳ ගානක් හොයාගන්න පුළුවන්.
වසන්ත මුදළිගේ, මං මොකක්ද එකක් කියලා මට බැන්නා හොඳටම. අසූචි වලක ඉන්නේ ජොනියා කිය කිය. මං මොකුත් එතුමට කිව්වෙ නෑ. ඒ තරුණයා කිව්වා මං හිරේ ගියා මට කන්න දුන්නෑ කියලා. මං දැක්කා ෆේස් බුක් එකක එක තරුණයෙක් කියලා තියෙනවා මෙයා හිරේ යන්න ඉස්සර හිටියේ කෙට්ටුවට,
මෙයා කොහොමද හිරේ ගිහිල්ලා එද්දී මහත්වුනේ චීන ඌරෙක් වගේ කියලා. මං ඕක විතරයි කිව්වේ. මට බැන්නා හොඳටම. තව තරුණයෙක් දාලා තිබ්බා දැන් මූ හොඳයිලු කරත්තේ බඳින්න මොල්ලියත් ඇවිල්ලා කියලා. ඔය තරුණයෝ කියන ඒවා අපි ගනං ගන්නේ නැහැ. චේන්ජ් වුනා නේද සිස්ටම් එක. අපේ කාලේ ගැහුවේ නෑ, දැන් බැහැපු ගමන් ගහනවා. හැබැයි කැත වැඩේ කියන්නේ ඒ ගොල්ලො කියන්නෙ අසූචිත් මිශ්‍ර කරලා ගහනවා කියලා.
හැම ඡන්දයක් ළං වෙනකොටම සෙනඟ පෙන්නනවා. ගනං කරලා ඉවර වුනාම 3%යි. මේ ගොල්ලො බය කරලා තමයි හැමදේම කරන්න හදන්නේ. රැස්වීමට වරෙන් ආවේ නැත්තම් උඹේ ගෙදර ගිණි තියයි චන්ද්‍රසිරිට වෙච්ච දේ දැක්කනේ, ජොනීට වෙච්ච දේ දැක්කනේ. බය කරනවා, ඇයි? ඡන්ද නැති නිසා."
Comments
Post a Comment
Your comment will be visible after approval