
විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කෝපයට පත් විරෝධතාකරුවන් නිසා ප්‍රංශය පුරා ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පොලිස් නිලධාරීන් 108 දෙනෙකු තුවාල ලබා ඇති බව බීබීසිය වාර්තා කර තිබේ. නොසන්සුන්තාව අතරතුර පුද්ගලයින් 291 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
රාජ්‍ය විශ්‍රාම වැටුප් වයස අවුරුදු 62 සිට 64 දක්වා වැඩි කරන්නට රජය තීරණය කිරීම අසාධාරණ බව කියමින් එම වෙනස්කම්වලට එරෙහිව මහජන ක්‍රියාමාර්ග පස්‍රගිය කාලය පුරා පැවති අතර ගතවූ මැයිදිනයේ එම විරෝධතා වඩාත් සංවිධානාත්මකව සිදුවිය.
වෘත්තීය සමිති පවසන්නේ වයස් සීමා වෙනස්කම ඉල්ලා අස්කර ගැනීමට අවශ්‍ය බවයි.
ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ ප්‍රතිසංස්කරණවලට එරෙහිව මැයි දින පෙළපාලි සඳහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගී වී සිටියහ.
බොහෝ දෙනා සාමකාමී නමුත් රැඩිකල් කණ්ඩායම්ද සිටි අතර ඇතැම් පිරිස් පොලිසිය දෙසට පෙට්‍රල් බෝම්බ සහ පුපුරන ද්‍රව්‍ය විසි කළ
පොලිසිය ප්‍රතිචාර දැක්වූයේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමිනි.
විරෝධතාකරුවන් කී දෙනෙකු තුවාල ලබා ඇත්ද යන්න පැහැදිලි නැත.
පැරිසියේ අගනුවර 112,000ක් ඇතුළුව සමස්ත පෙලපාලිකරුවන් සංඛ්‍යාව 782,000ක් සිටි බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි, නමුත් CGT සංගමය පවසන්නේ එම සංඛ්‍යාව එම සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් බවයි.
ප්‍රතිසංස්කරණ සඳහා මාස ගනනාවක් තිස්සේ පවතින විරෝධය අත්නොහරින බවට වෘත්තීය සමිති නායකයෝ දැඩිව කියා සිටියහ.

Comments
Post a Comment
Your comment will be visible after approval