
ඩොලර් සෙවීමේ නිසි වැඩපිළිවෙලක් තවම රටේ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ඊයේ (14) මිද්දෙනිය ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් පැවසීය.
ඔහු මෙසේ කීය.
“ලංකාවේ බදු ක්‍රමය මේ වගේ තත්ත්වයට ඇතිවෙලා තියෙන්නේ ඇයි? ඩොලර් හිඟයත් එක්ක ආනයන අඩුවෙලා තියෙනවා. එතකොට ආනයන අඩු වුණාට පස්සේ කස්ටම් ඩියුටි එක ගහන ඒ මුදල් අඩුවෙලා තියෙනවා.
ඒ මුදල් අඩු වුණාට පස්සේ ඒ මුදල් ටික හොයාගන්න අනෙක් තැන්වලින් බදු වැඩිකරලා තියෙනවා. එතකොට ඒක තමයි මූලික දේ. මෙකේ මූලිකම ප්‍රශ්නය ඩොලර් නැතිකම නේ. එතකොට ඩොලර් නැතිකමට ඩොලර් හොයන්න වැඩපිළිවෙළක් තවමත් නැහැ.”
Comments
Post a Comment
Your comment will be visible after approval