
ඇමතිනී පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය එළැඹෙන මැයි දිනය සම්බන්ධව තම පක්ෂයේ කර්තව්‍ය පිළිබදව මාධ්‍ය වෙත මෙසේ පැවසුවාය.
"දැනටත් ලංකාවේ දැවැන්තම සංවිධාන ශක්තිය තියෙන්නෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට. අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ පැවැත්වෙන අති සාර්ථක මැයි දිනයක් මැයි මාසේ 1 වෙනිදා 2.30 ට කැම්බල් පිටියේ පවත්වන්න.
වසර ගනණාවක් අපිට මැයි දිනය පවත්වන්න බැරි වුණා, නොයෙකුත් කාරණා නිසා. අපේ පළාත් පාලන නියෝජිතයෝ පාර්ලිමේන්තු නියෝජිතයෝ පළාත් සභා නියෝජිතයෝ ඉතාම ක්‍රියාශීලීව අපේ වැඩ කටයුතු කරගෙන යනවා. අපත් සමඟ කටයුතු කරන සහෝදර පක්ෂ තිබෙනවා. ඒ පක්ෂත් මේ මැයි දිනයට සහභාගී වෙනවා. අපි මැයි දින පෙළපාලියක් මෙවර පවත්වන්නෙ නෑ."
Comments
Post a Comment
Your comment will be visible after approval