
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත මෙසේ පැවසීය.
"මම දන්න විදියට උපරිම සිල්ලර මිලට වඩා අඩුවෙන් තමයි සෑම තැනකම සහල් විකිණීම සිද්ධ වෙන්නේ. ඒක පාරිභෝගික කටයුතු අමාත්‍යංශ අධිකාරිය මඟින් සිද්ධ වෙන්නේ.
දැන් බේකරිකාරයෝ ගනං උස්සගෙන ඉන්නවනේ. ලැබුණු සහනය දෙන්නෙ නෑනේ.
ඒගොල්ලෝ ඉන්ධන, ගෑස් මිල වැඩි කරනකොට ඒ ගොල්ලො බේකරි නිශ්පාදන මිල වැඩි කරා, අපි ගෑස් වලින් තමයි මේ කටයුත්ත කරන්නේ කියලා. දැන් කියනවා ගෑස් වලින් කරන්නෙ 20%ක් අනිත් ඒවා කරන්නෙ දර වලින් කියලා. ඉතින් ඒක නිසා අඩු කරන්නෙ නෑ. දැන් පාන් ගෙඩියට වඩා පොඩ්ඩයි හාල් කිලෝ එක වැඩි වෙලා තියෙන්නේ.
මේ කටයුත්තට පාරිභෝගික අධිකාරිය මැදිහත් වෙලා කටයුතු කලයුතු වෙනවා.
වැඩි වෙනකොට වැඩි වෙනවනම්, අඩු වෙනකොට අඩු වෙන්නත් ඕන. ජනතාව පැත්තෙනුත් යම් උත්සහයක් ගන්න දරනවා. මතකනේ බිස්කට් මිල වැඩිවෙන කොට අසීමිත විදියට කැම්පේන් එකක් ගියා ගැනීම නවත්වන්න. මේ සහනය දෙන්නැති වෙලාවට තමුන්නාන්සෙලට පුළුවන් මේ මැදිහත් වීම කරන්න. ආණ්ඩුවට විතරක් මේ සියල්ල කරන්න අමරුයි."
Comments
Post a Comment
Your comment will be visible after approval